
බෝතල් සහ කෑන් එකතු කර සිය ප්‍රථම නිවාස ණය වාරිකය පියවීමට ඔස්ට්‍රෙිලියාවේ මධ්‍යම වෙරළ තීරයේ පුද්ගලයෙකු සමත් වී තිබෙනවා.
ඩේමියන් ගෝර්ඩන් නැමති මෙම පුද්ගලයා ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා කෑන් සහ බෝතල් එකතු කිරීම ආරම්භ කර ඇත්තේ 2017 වසරේ සිටයි.
කෑන් සහ බෝතල් 450,000 ක් ඔහු ආපසු ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

වසර හතක් පුරා ඉන් ඔහු ඩොලර් 46,000 ක් පමණ උපයා ගැනීමට සමත් වී තිබුණා.
මධ්‍යම වෙරළ තීරයේ මිලදී ගත් නිදන කාමර දෙකක නිවසක පළමු ණය වාරිකය පියවීමට එම මුදල ප්‍රමාණවත් වී තිබෙනවා.

කෑන් සහ වීදුරු බෝතල් ප්‍රතිචක්‍රීකරණය යටතේ එක් බහාලුමකට ශත 10 ක මුදලක් ආපසු ගෙවීමක් ලෙස ලැබේ.
ගෝර්ඩන් මහතා සංගීත උත්සව සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන අතර, එහිදී ඔහු එකවර කෑන් සහ බෝතල් දහස් ගණනක් එකතු කරනු ලබනවා.