
ඉන්දියාවෙන් ගුවන් යානා පැමිණිම වළක්වාලමින් ඔස්ටේ්‍රලියාව පණවා තිබූ තහණම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නිල වශයෙන් අවසන් වුණා.
ඒ අනුව ඉන්දියාවේ සිට පැමිණෙන පළමු ගුවන් යානය අද පෙරවරුවේ ඩාර්වින් නගරයට ගොඩ බැස්වීමට නියමිතයි.
එහි පැමිණීමට නියමිතව සිටි ගුවන් මගීන් 150 දෙනා අතුරින් 40 කට වැඩි පිරිසක් කොවිඩ් ආසාධිතයන් ලෙස තහවුරුවීමත් සමග ඔවුන්ට නිසි ලෙස එම යානයෙන් ඔස්ටේ්‍රලියාව දක්වා පැමිණීමට හැකිවී නැහැ.

ඊට අමතරව ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වීම හමුවේ තවත් 30 කට පමණ ගුවන් යානයට ගොඩවීමට අවසර ලැබී නොමැති බවද සඳහන්.
මේ අනුව අදාළ ගුවන් යානය අද ඔස්ටේ්‍රලියාවට පැමිණෙන්නේ නියමිතව සිටි ගුවන් මගීන් අතුරින් අඩකටත් අඩු සංඛ්‍යාවක්ද සමගයි.

මෙලෙස පැමිණෙන පිරිස ඩාර්වින් නගරයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 ක් නිරෝධායනය කෙරෙනු ඇති.