Search

මෙල්බන් හි පැහැර ගත් සුනඛයාට මොකද වුනේ?

තරුණයන් පිරිසක් විසින් පැහැර ගත් සුනඛයෙකු නැවත සිය වාසස්ථානයට පැමිණ තිබෙනවා.

“මෝර්ටි” ලෙස හඳුන්වන පස් හැවිරිදි මෙම සුනඛයා 72 හැවිරිදි තම ස්වාමියා සමග මෙල්බර්න්හිදී ඇවිදිමින් සිටියදී තරුණයන් පිරිසක් විසින් පැහැර ගනු ලැබුවා.

එහෙත් පසුවදා මෝර්ටි පොලිසිය විසින් සොයාගෙන භාරදුන් බව ඔහුගේ හිමිකරු පවසනවා.

සුනඛයාගේ පැමිණීමෙන් තමා ඉතා සතුටට පත් වූ බවයි හිමිකරු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

පැහැරගැනීමෙන් සුනඛයාට තුවාල සිදුවී නොමැති අතර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.

CCTV දර්ශන හෝ තොරතුරු ඇති ඕනෑම අයෙකු පැමිණ සාක්ෂි ලබා දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »