
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට මහඟු අවස්ථාවක් AusLanka Tv මාධ්‍ය ජාලය වෙතින් හඳුන්වා දී තිබෙනවා.
AusLanka Business Club මගින් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්, වෘත්තිකයන් සහ ව්‍යාපාර ඒකාබද්ධ වන නවමු ව්‍යාපෘතියක් ඔබට පිරිනමනු ලබනවා.
AusLanka Business Club හි මූලික අරමුණ වනුයේ ඔස්ට්‍රේලියාවේ ඇති ශ්‍රී ලාංකික ව්‍යාපාර ඒකාබද්ධතාවක් ඇති කර ව්‍යාපාර අතර අන්නෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීමයි.

වත්මන් තරඟකාරි ව්‍යාපාර ලෝකය නිර්මාණය වී ඇත්තේම අදහස් මත හෙයින් එකිනෙකාගේ තාක්ෂණික ව්‍යාපාරික ක්‍රමවේද අනෙක් ව්‍යාපාරවලටද හඳුන්වාදී ජයග්‍රහණයේ මාවත කරා ගමන් කිරීමට AusLanka Business Club මගින් අත්වැලක් සපයනු ලබයි.
එමගින් ව්‍යාපාර සඳහා තවත් පියවරක් ඉදිරියට රැගෙන යාමේ දැවැන්ත බලපෑමක් ව්‍යවසායකයින් තුළ ඇති කිරීමට AusLanka Business Club මගින් හැකිවනවා.

එමෙන්ම විද්‍යුත් මාධ්‍ය අද ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්කර ඇති බැවින් ගෝලීය වෙළඳපොළ හා සම්බන්ධවීමේ අවස්ථාව ද AusLanka Business Club මගින් ඔබට උදාකර දෙනවා.
දැනුම හුවමාරු කර ගැනීම, සේවාවන් ප්‍රවර්ධනය කර ගැනීම සහ ගෝලීය සබඳතා ගොඩනගා ගැනීමට හැකි ශ්‍රී ලාංකික ව්‍යාපාර ජාලයක් AusLanka Business Club මගින් ගොඩනගා ගත හැකියි.
ව්‍යාපාරිකයින් එකිනෙකා හමුවීමේ වැඩසටහන්, දිරිමත් කිරීමේ වැඩසටහන් AusLanka Business Club මගින් ඉදිරියේදී සිදුකෙරනු ලබයි.
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් එකතුවන AusLanka Business Club සඳහා දැන් ඔබටත් නොමිලේ ලියාපදිංචි වියහැකියි.
ලියාපදිංචිය සඳහා පහත ලින්ක් එකට පිවිසෙන්න.
AusLanka Business Club