
විදුලි වාහන රියදුරන් මාර්ග භාවිත ගාස්තුවක් ගෙවිය යුතු බව විපක්ෂ සන්ධානය ප්‍රතිපත්තිමය වශයෙන් විශ්වාස කරන්නේ යැයි එහි ප්‍රකාශිකා සෙනෙට් සභික බ්‍රිජට් මැකෙන්සි පවසනවා.
කෙසේ නමුත් විදුලි වාහන රියදුරන්ට මෙම ගාස්තුව ගෙවීමට සිදුවන්නේ කෙසේදැයි විමසූ විට, ඇය පැවසුවේ සන්ධානය නව බද්දක් යෝජනා නොකරන බවයි.
මැකෙන්සි ABC හි Insiders වැඩසටහනේ දී පැවසුවේ අනෙකුත් මෝටර් රථ හිමියන් ඉන්ධන බදු ගෙවමින් මාර්ග නඩත්තුවට දායක වන බැවින් EV හිමිකරුවන් ද ඊට දායක වීම ඉතා සරල සාධාරණ අදහසක් බවයි.

කෙසේ නමුත් විදුලි වාහන වෙත වැඩි වශයෙන් මාරු වන විට, ෆෙඩරල් රජයේ ඉන්ධන බදු ආදායමේ පහත වැටීමේ අවදානමක්ද මතුව තිබෙනවා.
පසුගිය මූල්‍ය වර්ෂයේදී ඉන්ධන බදු ලෙස ඩොලර් බිලියන 23 ක් උපයා ගැනීමට ෆෙඩරල් රජයට හැකි වුණා.

මේ අතර වික්ටෝරියානු රජය විදුලි වාහන සඳහා මාර්ග භාවිත ගාස්තුවක් පැනවීමට උත්සාහ කළ මොහොතේ එවැනි බදු පැනවීමට බලය ඇත්තේ ෆෙඩරල් රජයට පමණක් බව පවසමින් මහාධිකරණය තීන්දු කර තිබුණා.