
ලිංගික අපරාධ රැසකට චෝදනා එල්ල වූ වෛද්‍යවරයෙකු අන්තර් රාජ්‍ය අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා පිටුවහල් කර තිබෙනවා.
64 හැවිරිදි සාමාන්‍ය වෛද්‍යවරයා 1990 ගණන්වල අපයෝජන සිදු කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
ඒ වන විට ඔහු ටස්මේනියාවේ සේවය කරමින් සිටියා.

චෝදනා අතර ළමා ලිංගික අපයෝජන ද ඇතුළත් වෙනවා.
ටස්මේනියා පොලිසිය ඔහු නිව් සවුත්වේල්ස් සිට පිටුවහල් කළ බව පසුගිය සිකුරාදා තහවුරු කළ අතර එදිනම හෝබාර්ට් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔහුට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා තුනක් සහ අශෝභන පහරදීම් චෝදනා තුනක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම අපයෝජන 1990 ගණන්වල ටස්මේනියා ප්‍රාන්තයේ සාමාන්‍ය වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී සිදු වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙවැනි අපරාධ දැඩි කරදරකාරී බැවින් ඔිනෑම ආකාරයක ලිංගික අපයෝජන පිළිබඳ තොරතුරු වාර්තා කරන ලෙස ටස්මේනියා පොලිසිය ඉල්ලා සිටිනවා.