
ඕස්ට්‍රේලියා අගමැති ඇන්තනි ඇල්බනීස් ඩොලර් මිලියන 200කට වැඩි නොමිලේ සෞඛ්‍ය උපදේශන සහ ටෙලිහෙල්ත් සේවාවක් හදුන්වාදීමට සුදානම් වනවා.
ඉදිරි මැතිවරණය සදහා තේරී පත්වුවහොත් එය ජනතාවට ලබා දෙන බවයි ඇන්තනි ඇල්බනීස් කියා සිටියේ.
අගමැති ඇල්බනීස් මේ බව කියා සිටියේ බටහිර සිඩ්නි හිදී ලේබර් පක්ෂ ආධාරකරුවන් ඇමතූ අවස්ථාවක වන අතර එහිදී ඔවුන්ගෙන් උණුසුම් පිළිගැනීමක් අගමැතිවරයාට හිමි වුණා .

එහිදී වැඩිදුරටත් ඔහු සදහන් කර සිටියේ මෙම සේවාව මඟින් ශිෂ්‍ය ණය කපා හැරීම, දැරිය හැකි ළමා රැකවරණය සහ පළමු නිවාස මිලදී ගන්නන් සඳහා 5% තැන්පතු යෝජනා ක්‍රමය යටතේ ඩොලර් 173,168ක ඉතිරියක් ලබා දිය හැකි බවයි.
ලේබර් පක්ෂයට හිතකර ඡන්ද විමසීම් හමුවේ, ඔහු කෝලිෂන් රජයක් යටතේ රටට “අඳුරු, නපුරු, ” අනාගතයක් ගැන අනතුරු අඟවීමක්ද කර සිටියා.

කෙසේවෙතත් ලේබර් රජය යටතේ Bulk-billing අනුපාත පහත වැටී ඇති බවත් ඉදිරි දින හය තුළ ආසන 28ක් ඉලක්ක කරමින් තීව්‍රර ප්‍රචාරක ව්‍යාපාරයකට සැරසෙන බවත් ලිබරල් පක්ෂ ප්‍රකාශ කළා .
දෙපාර්ශ්වයේ නායකයන්ම අද (අප්‍රේල් 27) සවස 8ට පැවැත්වෙන අවසන් නායක විවාදයට සූදානම් වන අතර, ඡන්ද විමසීම්වලට අනුව ලේබර් පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වෙනවා.
මේ වන විට මිලියන 2.1කට අධික ඡන්දදායකයන් මුල්කාලීනව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, මැතිවරණයේ අවසන් සතිය තීරණාත්මක වන ලකුණු පහළවී තිබෙනවා.