
ඔස්ට්‍රේලියාවේ දරු ප්‍රසූතිය සඳහා සාමාන්‍ය පිරිවැය ඩොලර් 726 ක් බව ෆයින්ඩර්ගේ සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
රාජ්‍ය හෝ පෞද්ගලික සෞඛ්‍ය සේවා පද්ධතිය තෝරා ගැනීම මත පදනම්ව මෙම පිරිවැය සැලකිය යුතු වෙනසක් සිදුවන බවයි සමීක්ෂකයින් පවසන්නේ.
අධ්‍යයනයට ඔස්ට්‍රේලියානුවන් දහසකට වැඩි ප්‍රමාණයක් යොදාගෙන තිබුණා.

එම ඩොලර් 726 න් ප්‍රසූත දින පිළිබඳ ස්කෑන්, ජාන පරීක්ෂණ, පෞද්ගලික විශේෂඥ හමුවීම් හා වෙනත් අමතර වියදම් ආවරණය කළ හැකි වනවා.
කෙසේවෙතත් රාජ්‍ය පද්ධතිය තුළ ගැබ් ගැනීම සහ දරු ප්‍රසූතියේ සියලු පිරිවැය සාමාන්‍යයෙන් මෙඩිකෙයා විසින් දරනු ලබන අතර එමගින් පෞද්ගලික මුදල් වැයවීම ඉතා සුළු ප්‍රමාණයක් බවයි ෆයින්ඩර් පුද්ගලික මූල්‍ය විශේෂඥවරියක් කියාසිටියේ.

ඊට සාපේක්ෂව පෞද්ගලික ගැබ් ගැනීමකදී සහ උපතක් සඳහා අවම වශයෙන් ඩොලර් 5000 ක පිරිවැයක් දැරීමට සිදුවන බව ෆයින්ඩර් අනාවරණය කළා.
නමුත් ඇතැම් ඔස්ට්‍රේලියානුවන්ට එය ඩොලර් 10,000 සිට 12,000 දක්වා වැඩි වනු ඇති.
පෞද්ගලික ගැබ් ගැනීමක් සහ උපතක් තරමක් මිල අධික වන අතර සෞඛ්‍ය රක්ෂණය රෝහල් පිරිවැයෙන් විශාල කොටසක් ආවරණය කළද අඛන්ඩව ඇති විශේෂඥ හමුවීම් සඳහා සැලකිය යුතු මුදලක් වැයවන බවයි සමීක්ෂකයින් හෙළිකරන්නේ.