
ඔස්ට්‍රේලියා ප්‍රාන්තයක රියදුරන්ට ඉදිරි දින 2 ක වේගසීමාවන් පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.
පාසල් නැවත ආරම්භ කිරීමට සූදානම් බැවින් පාසල් කලාප තුළ පැයට කිලෝමීටර් 40 ක වේග සීමාවක් අනුගමනය කරන ලෙසයි නිව්සවුත්වේල්ස් බලධාරීන් රියදුරන්ට දැනුම්දෙන්නේ.
බොහෝ පාසල් බදාදා විවෘත කරන අතර හෙට සහ අනිද්දා දිනවල පාසල් සංවර්ධන දින ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලය සඳහා වෘත්තීය ඉගෙනුම් හා සැලසුම් එම දිනයන්හි පැවැත්වීමට නියමිතයි.
එම දිනවල ළමුන් සඳහා පාසල් ආරම්භ නොකළ ද බලාත්මක කර ඇති අඩුවේග සීමාවන් උල්ලංඝනය කරන්නන්ට දඩ නියම කරන බවයි නිව් සවුත්වේල්ස් පොලීසිය පවසන්නේ.
ප්‍රාන්ත ප්‍රවාහන විධායක අධ්‍යයක්ෂකවරයා කියාසිටියේ සඳුදා සිට නැවත පාසලට පැමිණෙන සමහර සිසුන් සිටින බැවින් සංවර්ධන දින නොසලකා පාසල් කලාපයන් හි සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසයි.
