
මෝරුන් සිටීම නිසා Sydney උතුරු වෙරළ තීරය ආශ්‍රිතව ජනප්‍රිය පිහිණුම් ස්තාන වසා දමා තිබෙනවා.
ඒ අනූව North Curl Curl මුහුදු ප්‍රදේශය අද සිට තාවකාලිකව වසා දැමීමටයි බලධාරීන් පියවර ගනු ලැබුවේ.
මෙම තත්වය හේතුවෙන්ම මීට පෙර North Steyne මුහුදු ප්‍රදේශයද වසා දැමීමට බලදාරීන් කටයුතු කර තිබුනා.

එහෙත් පිහිනුම් ක්‍රීඩකයින්ට තාවකාලිකව වසා දමා තිබු Queenscliff මුහුදු ප්‍රදේශ යළි විවෘත කර ඇති බවයි වාර්තා වුනේ.
ඊට හේතු වූයේද මෝරෙකු සංක්‍රමණය වීම වුවද එම සත්වයා එම ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇති බවයි බලධාරීන් සදහන් කරන්නේ.

මේ අතර නැගෙනහිර වෙරළ තීරයේ තල්මසුන්ගේ වාර්ෂික සංක්‍රමණය ද මේ වන විට ආරම්භ වී තිබෙනවා.
සාමාන්‍යයෙන් මීට පෙර ජුනි මාසයට ආසන්නව තල්මසුන්ගේ සංක්‍රමණය ආරම්භ වුවද මේ වසරේදී ඊට පෙර එම ආරම්භ වී ඇති බවයි පරිසරවේදීන් සදහන් කරන්නේ.