
Lucy Guo නම් තරුණිය ස්වෝත්සාහයෙන් නැගී සිටි ලොව ලාබාලතම බිලියනපතිනිය බවට පත්ව තිබෙනවා.
ෆෝබ්ස් සඟරාවේ තොරතුරු අනුව Lucy Guo විසින් ලෝකයේ සුපිරි ගායිකාවක සහ ගීත රචනා ශිල්පිනියක වන Taylor Swift ද අභිබවා යාමටයි සමත්වී ඇත්තේ.
Taylor Swift ස්වෝත්සාහයෙන් නැගී සිටි ලොව ලාබාලම බිලියන පතිනිය බවට පත් වූයේ 2023 වසරේදීයි.

එහෙත් වසර 2 ක් ගත වන විටම එම වාර්තාව යලි අලුත් කිරීමට Lucy Guo සමත් වනවා.
මේ වන විට ඇයගේ වයස අවුරුදු 30 ක් වීම විශේෂත්වයක්.

සිය තාක්ශණික දැනුම උපහෝගී කරගනිමින් ඇය මේ වන විට උපයා ඇති මුදල ඩොලර් බිලියන 1.25 ක්.
ඇය OpenAI මෙන්ම කෘතිම බුද්ධිය පුහුණු කිරීමට උපකාරී වන සමාගමක් වන Scale AI හි සම-ආරම්භකවරියක වනවා.
නිර්මාණකරුවන්ට අන්තර්ජාලය හරහා මුදල් උපයා ගැනීමට උපකාර වන Lucy Guo Passes ද ආරම්භ කළේ ඇයයි.
Lucy Guo ගේ දෙමාපියන් චීන සම්භවයක් සහිත වන අතර ඇය හැදී වැඩුණේ San Francisco ප්‍රදේශයේයි.
ඇය Carnegie Mellon විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යාව සහ මානව-පරිගණක අන්තර්ක්‍රියා හදාරා තිබෙනවා.