Search

ඡන්දයේදී කාන්තා නියෝජනයට සිදුවන දේ

ප්‍රධාන පක්ෂ ස්වාධීන අපේක්ෂකයින්ට කාන්තාවන් ඉදිරිපත් කිරීම අවම වීම සමග ඕස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ඡන්ද පරතරය වැඩි වන බව පර්යේෂණවලින් අනාවරණ වී තිබෙනවා.

ජීවන වියදම, සෞඛ්‍ය, නිවාස සහ අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ ගැටළු හේතුවෙන් කාන්තා ඡන්දදායකයින් දේශපාලනයෙන් ඈත් වී ඇති බවයි හෙලි වී ඇත්තේ.

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක පිරිසකුයි මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ කාන්තාවන්ගේ නියෝජනය අඩු වුවද ඔවුන්ට වැදගත් වන කරුණු ගැන කතා කිරීමට කාන්තාවන් අරගල කරන බවයි .

මේ සම්බන්ධයෙන් අදහස් වීමට කාන්තා වෘත්තිකයන් සම්බන්ද කරගෙන තිබෙනවා.

ඔවුන් සදහන් කරන්නේ සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ ජීවන වියදම වැනි කාන්තාවන්ට වඩාත්ම වැදගත් වන ගැටළු දේශපාලනඥයින් නොසලකා හරින බවයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »