
ඕස්ට්‍රේලියාව පුරා, වැඩිහිටියන්ගෙන් සියයට 8.8 ක් පමණ දිනපතා දුම් පානය කරනු ලබනවා.
දුරස්ථ ප්‍රජාවන්හි, මෙම අගය සියයට 46 දක්වා ඉහළ යන බවයි අනාවරන වී ඇත්තේ.
මේ අතරින් Tjuntjuntjara ප්‍රදේශයද අදික ලෙස දුම් පානය කරන පුද්ගලයින් වාසය කරන බවටයි සැලකෙන්නේ.

එහෙත් ඉහළ සිගරට් මිල ගණන් හමුවේ දුම්පානය නතර කිරීමට Tjuntjuntjarra ප්‍රදේශවාසීන් තීරණය කර තිබෙනවා.
Tjuntjuntjarra පර්ත් සිට කිලෝමීටර් 1,300 ක් නැගෙනහිරිනුයි පිහිටා ඇත්තේ.

ෆෙඩරල් රජයේ දත්ත වලට අනුව, ඕස්ට්‍රේලියාව පුරා සිදුවන සියලුම මරණ වලින් සියයට 37 ක් දුම්පානයට හේතු වන අතර, මරණ වලින් අඩක් වයස අවුරුදු 45 සහ ඊට වැඩි පුද්ගලයින්ගේ බව අනාවරණ වී තිබෙනවා.