Search

සිඩ්නි ඡන්ද මධ්‍යස්ථානයක කලහකාරී හැසිරීමක්

සිඩ්නි නුවර පූර්ව ඡන්ද මධ්‍යස්ථානයක ස්වේච්ඡා සේවකයින් තුන්දෙනෙකු අතර හටගත් මතවාදයක් දුරදිග යාමෙන් එම ස්තානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

Cherrybrook ඡන්ද මධ්‍යස්ථානයේ ඊයේ දිනයේදීයි මෙම  තත්වය හටගෙන තිබුනේ.

ලිබරල් ස්වේච්ඡා සේවකයෙකු විසින් එම ස්තානයේ සිටි පිරිස් බිය ගැන්වීමක් සිදු කිරීම නිසා මෙම තත්වය හටගෙන තිබෙන බවයි වාර්තා පල වුනේ.

ස්වාධීන අපේක්ෂක ටීනා බ්‍රවුන්, ලිබරල් පක්ෂය විසින් දියත් කරන ලද සම්බන්ධීකරණ මඩ ව්‍යාපාරයක් හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිල නොවන WhatsApp කණ්ඩායමකින් ආධාරකරුවන්ගේ අදහස් වැරදි ලෙස නිරූපණය කිරීම සහ පූර්ව ඡන්ද මධ්‍යස්ථානවලදී සිය ස්වේච්ඡා සේවකයින් බිය ගැන්වීම හෙලා දකින බවයි ඇය එහිදී සදහන් කර ඇත්තේ.

ඡන්දදායකයින්ට සවන් දීමට වඩා, ලිබරල් පක්ෂය පුද්ගලික ප්‍රහාර, මඩ ගැසීමේ උපක්‍රම සහ හිරිහැර කිරීමේ හැසිරීම් වලට යොමු වෙමින් සිටීම දැඩි ලෙස කලකිරීමට කරුණක් බවද ඇය එහිදී පෙන්වා දී තිබෙනවා .

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »