
රාජ්‍ය නායකයින් ඇතුළු හාරලක්ශයක පමණ වූ පිරිසක සහභාගීත්වයෙන් පැවති අවමංගල්‍ය උත්සවයෙන් පසුව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය ඊයේ සන්ටා මරියා මජෝරේ බැසිලිකාවේ මිහිදන් කරනු ලැබුවා.
දින නවයක ශෝක කාලයක් ඊයේ සිට ආරම්භ වන අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අනුස්මරණය කිරීම සඳහා සෑම දිනක ම දේව මෙහෙයක් එම ස්තානයේදී පැවැත්වීමට නියමිතයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්‍රේන ජනාදිපති Volodymyr Zelensky සහ විලියම් කුමරු ඇතුළු රාජ්‍ය නායකයින් සහ සම්භාවනීය අමුත්තන් විශාල ගණනක් මෙන් ම ශෝකයට පත් ජනතාව මෙම අවස්තාවට එක්ව සිටියා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කළ අවසන් ඉල්ලීමට අනුව උන් වහන්සේගේ දේහය මෙලෙස රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව මිහිදන් කෙරුනා.
ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව පිහිටා තිබෙන්නේ රෝමයේ ප්‍රධාන දුම්රියපොළ අසළ, කම්කරු පන්තියේ ජනතාව වෙසෙන කලාපයක වීම විශේෂත්වයක්.

සිය දේහය තැන්පත් කිරීමට පවා එම ස්තානය තෝරා ගැනීමෙන් පිළිබිඹු වන්නේ සමාජයේ සැලකිල්ලට භාජනය නොවූ මිනිසුන් කෙරෙහි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තුළ වූ අනුකම්පාවයි.