Search

රැලියක් නිසා මෙල්බන් නුවර ප්‍රචණ්ඩ ගැටුම්

කාන්තා අයිතිවාසිකම් රැලියට විරෝධතාකරුවන් පැමිණීමෙන් මෙල්බන් නුවර ප්‍රචණ්ඩ ගැටුම් හටගැනුනා.

මෙම තත්වය හමුවේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්  හතර දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුනේ.

විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් නගරයේ දේපළ වලටද හානි සිදු කර තිබෙනවා.

කාන්තා අයිතිවාසිකම් රැලියක් කඩාකප්පල් කිරීමට රැස්වූ විරෝධතාකරුවන් නගරය පුරා සැරිසැරීම නිසා ක්‍රියාකාරීන් සහ පොලිසිය ප්‍රචණ්ඩ ලෙස ගැටුම් ඇති වුනා.

පාර්ලිමේන්තු මන්දිරයේ සිට වීදි හරහා සංක්‍රාන්ති ලිංගිකයන්ට පක්ෂපාතී විරෝධතාකරුවන් ගමන් කර තිබෙනවා..

වික්ටෝරියා පොලිසිය සදහන් කලේ විරෝධතාවයට 440 ක් පමණ සහභාගී වූ බවයි..

පසුව 40 දෙනෙකු පමණ CDB හරහා පාගමනක් පවත්වා ඇති අතර ඔවුන්මංසන්ධි අවහිර  කිරීමට කටයුතු කල බව පොලීසිය සදහන් කලා.

විරෝධතාකරුවන් පොලිස් විරෝධී හැඟීම් සහ සංක්‍රාන්ති ලිංගිකත්වයට පක්ෂව සටන් පාඨ ගායනා කර තිබෙනවා.

ඒ අනූවයි මෙම ගැටුම්කාරී තත්වය උද්ගත වී ඇත්තේ.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »