
Melbourne ගිනිකොන දිග තදාසන්න ප්‍රදේශය තුළ වාහන සොරකම් මාලාවක් සිදුව තිබෙන බව පොලීසිය පවසනවා.
අප්‍රේල් 26 වන දින අලුයම නිවාස කිහිපයකට කඩා වදිමින් මෙම වාහන පැහැර ගැනීම සිදු කර තිබෙනවා.
Malvern හි Spring වීදියේ නිවසකට අලුයම 2:40 ට පමණ ඇතුළු වීමෙන් මෙම සොරකම් මාලාව ආරම්භ කර තිබෙනවා. එහිදී ඔවුන් වාහනයක යතුරු සොරකම් කර වාහනය පැහැර ගොස් තිබෙනවා.
පසුව අලුයම 3:20 ට පමණ Brighton East හි Charles වීදියේ නිවසකට ගොස් කාන්තාවන් දෙදෙනෙකුට තර්ජනය කර මෝටර් රථය පැහැරගෙන තිබෙනවා.

ඉන් පැයකට පමණ පසු, Bentleigh East හි Almurta පාරේ නිවසකට කඩා වැදීමට උත්සාහ කර තිබුණත්, නිවැසියා ඔවුන්ව පලවා හැර තිබුණා..
අලුයම 4:45 වන විට, ඔවුන් Glen Iris හි Pascoe වීදියේ නිවසකට කඩා වැදී BMW ඇතුළු රථ 4ක් සොරකම් කර ඇති බව පොලිසිය පවසයි.

M5 sedan රථය පසුව Wheelers Hill ප්‍රදේශයේ සොයා ගන්නා ලද නමුත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.