
අමෙරිකාවේ ලිංගික අපයෝජනයට එරෙහිව ප්‍රසිද්ධියේ හඬ නැගූ සමාජ ක්‍රියාකාරිනියක වූ 41 හැවිරිදි Virginia Giuffre සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
ඇගේ ඥාතීන් තහවුරු කළ පරිදි, මෙම අවාසනාවන්ත සිදුවීම පසුගිය බ්‍රහස්පතින්දා (25) සිදුව තිබෙනවා.
Giuffre ජාත්‍යන්තර මට්ටමින් කතාබහට ලක්වූයේ බ්‍රිතාන්‍යයේ York ආදිපාදවරයා වන ආන්ඩෘ කුමරුට එරෙහිව එල්ල කළ ලිංගික අපයෝජන චෝදනා නිසා.

කෙසේ නමුත්, ආන්ඩෘ කුමරු මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළා.
ඊට අමතරව, ළමා ලිංගික අපරාධකරුවෙකු ලෙස හඳුනාගත් අමෙරිකාවේ ජෙෆ්රි එප්ස්ටයින්ට එරෙහිව ද Giuffre ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කළා.

ඇගේ මියයෑම සම්බන්ධයෙන් ඥාතීන් සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජීවිත කාලය පුරා ලිංගික ජාවාරම් හා අපයෝජන හේතුවෙන් විඳි දුක්ඛිත භාවය ඇයව සියදිවි නසාගැනීමට පෙළඹවූ බවයි.