Search

ආදීවාසී ප්‍රජාවට දුන් පොරොන්දුව තවම ඉටුකර නැහැ

Northern Territory හි Binjari ප්‍රදේශයේ ආදී වාසී ප්‍රජාව සඳහා නිවාස ඉදිකර දෙන බවට 2024 මාර්තු මාසයේදී අගමැති ඇන්තනි ඇල්බනීස්, දුන් පොරොන්දුව මෙතෙක් ඉටු වී නොමැති බවට චෝදනා එල්ල වෙනවා.

ආදිවාසී ප්‍රජාව වෙනුවෙන් වසර දහයක් තුළ කුඩා නිවාස ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 4ක් වෙන් කර තිබුණා.

නමුත් මේ දක්වා ස්ථාන 28 ක අලුත් හෝ අලුත් වැඩියා කරන ලද නිවාස 125 ක් වෙනුවෙන් ඩොලර් මිලියන 107.7 ක් පමණක් වැය කර තිබුණත් Binjari ප්‍රදේශයේ එකදු නිවසක් හෝ ඉදිකර නොමැති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියාවේ වැඩිම තදබදයක් ඇති ප්‍රදේශය NT ලෙස හැඳින්වෙන අතර මෙම ප්‍රදේශය පුරා ආදිවාසී ප්‍රජාවන් 80 කට වැඩි සංඛ්‍යාවක් සිටිනවා.

කෙසේ නමුත් නිවාස ඉලක්ක සපුරා ගැනීම NT රජය අපේක්ෂා කරන බව පැවැසූවත් ෆෙඩරල් මැතිවරණ ප්‍රතිපල අනුව අරමුදල්වල අනාගතය අවිනිශ්චිතව පවතින බවත් පවසයි.

Binjariහි ආදිවාසී ප්‍රජාවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන Debbie Aloysi මහත්මිය පැවසුවේ තම ප්‍රජාවේ තත්වය දරුණු බවත් ඔවුන් හිටියාට වඩා නරක තත්වයක සිටින බවත් සදහන් කර තිබෙනවා.

‘නිවාස යනු දියුණුව සඳහා පළමු පියවර බව මම විශ්වාස කරමි’, යැයි Aloysi මහත්මිය පවසා තිබෙනවා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »