
වික්ටෝරියාවේ මාරාන්තික අනතුරු දෙකක් සිදු වී තිබෙනවා.
46 හැවිරිදි කාන්තාවක් වික්ටෝරියාවේ Yarrawonga හිදී මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් තිබුණා .
පොලිසිය පවසන්නේ ආරවුලකට සම්බන්ද පුද්ගලයෙකු රථයකට ගොඩ වී පිටත්ව යෑමේදී එම කාන්තාව එහි ගැටී ඇති බවයි.

පසුව එම 20 හැවිරිදි පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා .
ඔහුට අධිකරණ නියෝගය උල්ලංඝනය කිරීම සහ මරණ තර්ජන කිරීම යන චෝදනා මත ලබන ජුලි 5වනදා Shepparton මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා Shepparton හිදී 30 හැවිරිදි පදිකයෙකු රථයක ගැටී මියගොස් තිබෙනවා.
ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහුගේ අනන්‍යතාව තවමත් තහවුරු කර නැහැ.