Search

සංක්‍රමණිකයින්ගේ වැටුප් හිමිකම් නොදෙන මෙල්බන් ව්‍යාපාර රැසකටත් දඩ

ඔස්ට්‍රේලියාවේ නගර 6 ක ව්‍යාපාර 50 ක හදිසි පරීක්ෂාවන් සමග දඩ මුදල් ලබාදී තිබෙනවා.

ඉන් බරපතල ම දඩුවම් හිමිවී ඇත්තේ සංක්‍රමණික කම්කරුවන් සහ තරුණ කම්කරුවන් සම්බන්ධ සේවා ස්ථාන උල්ලංඝනය කරන ව්‍යපාර සඳහායි.

මෙම කම්කරුවන් බොහෝවිට ඔවුන්ගේ සේවා ස්ථානයේ අයිතිවාසිකම් ගැන නොදන්නා බව හෝ යමක් වැරදි යැයි පෙනුනද ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වීමට අකමැති බවයි වාර්තා වන්නේ.

වීසා බලපත්‍ර හිමියන් අනෙක් සියලුම කම්කරුවන්ට සමාන සේවා ස්ථාන අයිතිවාසිකම් ඇති බව දැන ගැනීම තීරණාත්මක වන බව Fair Work Ombudsman ආයතනය පෙන්වාදෙනවා.

වැටුප් හා හිමිකම් පිළිබඳ කණස්සල්ලෙන් සිටින සංක්‍රමණික කම්කරුවන්ගෙන් Fair Work Ombudsman ඉල්ලා සිටින්නේ සේවා ස්ථාන සූරාකෑම ඉල්ලා සිටියහොත් වීසා සඳහා ආරක්ෂාව පවතින බවයි.

වාර්තා නොමැති කම හෝ දුර්වල ලෙස නඩත්තු කරන ලද වාර්තා ඇත්නම් එම ව්‍යාපාර බොහෝවිට අඩු ගෙවීම් වැනි සේවා ස්ථාන උල්ලංඝනය කිරීම් පෙන්නුම් කරනු ඇති.

ඒ අනුව කම්කරුවෙකු සඳහා එක් උල්ලංඝනය කිරීමකට ඩොලර් 1,878 ක උපරිමයක් සහ ආයතනයක් සඳහා එක් උල්ලංඝනය කිරීමකට ඩොලර් 9,390 ක් දඩ නියම කරන බව Fair Work Ombudsman ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව Hobart, Adelaide, Melbourne, Sydney, Perth සහ Cairns නගරවල ව්‍යාපාර සඳහා මෙම දඩ මුදල් නියම කර තිබෙනවා.

ඒ අතර ජංගම දුරකථන අලුත්වැඩියා සාප්පු, වට්ටම් වෙළඳසැල්, බේකරි, විශේෂිත සිල්ලර වෙළඳසැල් සහ මල් සාප්පුද වනවා.

දඩ මුදල් නියම කර ඇති වෙළඳසැල් අතරට හිසකෙස් සහ රූපලාවන්‍යාගාර, රූපලාවන්‍ය සැපයුම් සාප්පු සහ මෝටර් රථ සේදීමේ ව්‍යාපාර ද ඇතුලත්.

කම්කරුවන්ට නිවැරදි වැටුප් හා හිමිකම් ගෙවන බව සහතික කිරීම සඳහා කාලය සහ වැටුප් වාර්තා සහ සේවක වැටුප් ස්ලිප් සාධාරණ වැඩ නිළධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබුවා.