Search

ක්වින්ස්ලන්ඩ් දිය ඇල්ලකින් ඇද වැටී කාන්තාවක් මියයයි

ක්වින්ස්ලන්ඩ් ජාතික වනෝද්‍යානයේ දිය ඇල්ලකින් ඇද වැටීමෙන් කාන්තාවන් මියගොස් තිබෙනවා.

36 හැවිරිදි ඇය ඊයේ පස්වරුවේ සන්ෂයින් වෙරළ තීරයේ Mapleton දිය ඇල්ලෙදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

එම කාන්තාව දිය ඇල්ලෙන් මීටර් 80 කින් පහළට වැටී ඇති බවයි හදිසි සේවා අංශ පවසන්නේ.

වෛද්‍යවරුන් තහවුරු කර ඇත්තේ සැලකිය යුතු තුවාල සහිතව කාන්තාව එම ස්ථානයේදී ම මරණයට පත්ව ඇති බවයි.

සුළු තුවාල ලැබූ 18 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද නම්බෝර් රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කාන්තාවගේ මරණය සැකකටයුතු ලෙස නොසලකන බවයි ක්වින්ස්ලන්ඩ් පොලීසිය පැවසුවේ.

මෙම වසරේ සන්ෂයින් කෝස්ට් දිය ඇල්ලෙන් මිය ගිය 3 වන මරණය මෙය වනු ඇති.

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »