
කැන්ගරු දූපතේ අතුරුදන් වු වැලරි නම් බලු පැටියා දින 529 කට පසු සොයාගෙන තිබෙනවා.
ඇයගේ හිමිකරුවන් වන ජෝෂ් සහ ජෝර්ජියා සමග විසූ මෙම සුනඛයා 2023 වසරේදී කූඩුවෙන් පිටතට පැන අතුරුදන් වූ බවයි වාර්තා වුණේ.
ඊයේ රාත්‍රියේ කැන්ගරු දූපත් වනජීවී ගලවා ගැනීමේ ස්වේච්ඡා සේවකයන් විසින් සුනඛයාව සොයාගනු ලැබුවා.

ඒ කැන්ගරු දූපතේ පැය දහස් ගණනක සිට අටවා තිබූ වීඩියෝවකට වැලරි පෙනීසිටීමෙන් අනතුරුවයි.
වනජීවි ගලවා ගැනීමේ ස්වෙච්ඡා සේවකයින් සහ හවුල්කාර සංවිධාන විසින් සති ගණනාවක සිට නොපසුබට උත්සහයකින් අනතුරුවයි වැලරි ආරක්ෂිතව බේරාගනු ලැබ ඇත්තේ.

ඇය නීරෝගීව සහ හොඳීන් සිටින බව කණ්ඩායම කියාසිටියා.
මේ අතර වැලරි සෙවීම ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානය දිනාගෙන ඇති අතර ඇගේ කතාව නවසීලන්තය, නෙදර්ලන්තය සහ එක්සත් ජනපදයේ ප්‍රධාන පුවත්වල ද පළවී තිබෙනවා.