Search

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පලව තිබූ මාධ්‍ය වාර්තා වලට පිලිතුරු දක්වමිනුයි මහ කොමසාරිස් කාර්යාලය මේ බව කියා සිටියේ.

ඔස්ට්‍රේලියාව විසින්  Haryana, Punjab, Uttar Pradesh, Gujarat, Rajasthan,  Jammu and Kashmir යන ප්‍රදේශ වල සිසුන්ගේ වීසා සීමාවකට ලක්කර ඇතැයි වාර්තා වී තිබුනා.

ඕස්ට්‍රේලියාවේ දැනට ඉගෙනුම ලබන ඉන්දියානු සිසුන් 125,000 ඉක්මවනවා.

ඒ අනූව ඕස්ට්‍රේලියානු රජය ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව ඉන්දියානු ශිෂ්‍ය වීසා අයදුම්පත් සැකසීම දිගටම කරගෙන යන බව මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කර තිබුනා.

නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මෙම තොරතුරු සනාත කර තිබුනේ නිවේදනයක් නිකුත් කරමින්.

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »