Search

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා.

සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ.

NSW ශ්‍රේෂ්ඨාධිකරණ ජූරි සභාව තීරනය කලේ 2024 ඔක්තෝබර් මාසයේදී 82 හැවිරිදි කාන්තාව මරා දැමීම සම්බන්දයෙන් මෙම පුද්ගලයා වරදකරු බවයි.

මෙම පුද්ගලයා අදික ලෙස හෙරොයින් පානයට හුරු වී සිටි අයකු බව පරීක්ශන වලදීද හෙලිවී තිබෙනවා.

ඔහු මත්ද්‍රව්ය මිලදී ගැනීම සදහා නිවසේ තිබූ භාණ්ඩද උකසට තබා ඇතැයි සදහන්.

ඔහු පහරදීමට යොදා ගත් මල් බදුන කිලෝ 15 කට ආසන්න බරකින් යුත් බවයි අධිකරණයේදී අනාවරන වී ඇත්තේ.