
දියවැඩියාව සඳහා බහුලවම නිර්දේශිත ඖෂධයක් සන්ධි වේදනා සදහාද සහනය ලබා දෙන බව අධ්‍යනයකින් අනාවරණ වී තිබෙනවා
වසරකට මිලියන 6 කට අධික Prescription ප්‍රමාණයක් දියවැඩියා බෙහෙත් වර්ග 2 ක් රෝගීන් සදහා නිර්දේශ කෙරෙනවා.
ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය මගිනුයි මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ.

දියවැඩියාව නොමැති නමුත් අධික බරින් යුක්ත සහ ආතරයිටිස් රෝගයෙන් පෙළෙන පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මෙම අත්හදා බැලීමට සම්බන්ධ කර ගැනීමටයි සමීක්ෂණ කණ්ඩායම් පියවර ගෙන තිබුනේ.
එහිදී එම කණ්ඩායම් දෙක සදහා බෙහෙත් වර්ග දෙකක් ලබා දී තිබෙනවා.

ඒ අනූව අධික බර ඇති පුද්ගලයින් තුළද සන්ධි වේදනා අවම කිරීමට වර්ථමානයේ සුලභවම භාවිත වන ඖෂධයක් උපයෝගී වන බව අනාවරණ කර ගැනීමට සමීක්ෂකයින් සමත්ව තිබූ බවයි වාර්තා වුනේ.