Search

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය අද

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය අද සිදු කෙරෙනවා.

අවමංගල්‍ය දිව්‍ය පූජාව පැවැත්වෙන්නේ සාන්ත පීතර චතුරශ්‍රයේ දීයි.

පල්ලියේ සිරිතට අනුව,  අවමංගල්‍ය පූජෝත්සවය  පාප් වහන්සේගේ මරණයෙන් පසු දින හතරක් හෝ හයක් ඇතුළත පැවැත්විය යුතු වනවා.

පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සාම්ප්‍රදායිකව සංකීර්ණ ලෙස සලකනු ලබනවා.

එහෙත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය වසරේදී තම අවසන් කටයුතු සරල කිරීමටයි තීරණය කලේ.

සියවසකට වැඩි කාලයකට පසු වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ සොහොන් ගර්භයේ තැන්පත් නොකළ පළමු පාප් වහන්සේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වනු ඇති.

ඒ වෙනුවට, උන්වහන්සේගේ දේහය රෝමයේ සාන්ත මේරි මේජර් බැසිලිකාවේ, උන්වහන්සේගේ ප්‍රියතම මැඩෝනා සිතුවම අසල මිහිදන් කෙරෙනවා.

ලෝක නායකයින් ගණනාවක් අවමංගල්‍ය පූජෝත්සව අවස්ථාවට සහභාගී වීමට තීරණය කර තිබෙනවා.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »