
භික්ෂුවක් ලෙස සැරසී ශ්‍රී දළදා මාලිගාවට ඇතුළු වීමට උත්සාහ කළ පාසල් සිසුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ගම්පහ කිරිල්ලවල පදිංචි අයෙක්.
ඔහු 18 හැවිරිදි පාසල් සිසුවෙකු බවයි පොලීසිය විසින් තොරතුරු අනාවරන කරගෙන ඇත්තේ.

දළදා මාලිගාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
ඔහු උත්සාහ දරා තිබුනේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සඳහා වෙන් කර ඇති පෝලිමක් හරහා මාලිගාවට ඇතුලු වීමටයි.

මහනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.