
ඕස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල් සාප්පු හිමියන් බොහෝ විට check outs වලදී විකුණන ලද 25c කඩදාසි බෑග් කැඩී යාම ගැන කනස්සල්ලෙන් පසුවෙනවා.
මේ අතර Woolworths සුපිරි වෙළඳසැල් ජාලයේ NSW, VIC, සහ QLD වෙළඳසැල්වල විකුණන ලද බෑග් වල කොකු කැඩී යාම ගැන වරද එම කළමණාකාරිත්වය පිළිගෙන තිබෙනවා.
නමුත් තවත් සති කිහිපයක් යන තෙක් මෙම ගැටලුව නොවිසදෙනු ඇති බවත් පවසනවා.

මෙය සිදු වූයේ “නිෂ්පාදන ක්‍රියාවලියේ කුඩා වෙනසක්” නිසා බව පවසන Woolworths බලපෑමට ලක් වූ ඕනෑම බෑග් සඳහා ආපසු ගෙවීම හෝ අලුත් බෑගයක් ලබාදීමට කටයුතු කරන බව පවසනවා.
ඕස්ට්‍රේලියානු පාරිභෝගික නීතියට අනුව සාධාරණ ප්‍රමිතීන් සපුරා නොමැති ඕනෑම නිෂ්පාදනයක් සඳහා විසඳුමක් ලබා දිය යුතුයි.

කොහොම නමුත් සාප්පු හිමියන්ට ඇති එකම තිරසාර විකල්පය කඩදාසි බෑග් නොවන අතර සුපිරි වෙළඳසැලවල විකිණීම සඳහා නැවත භාවිතා කළ හැකි බෑග් වර්ග ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා.