Search

Australasia වේ වයස්ගතම චිම්පන්සියා මිය යයි !

Australasia කලාපයේ ජීවත් වූ වයස්ගතම චිම්පන්සියා වන 53 හැවිරිදි Cassius, පසුගිය බ්‍රහස්පතින්දා මිය ගියා. ඒ Rockhampton සත්වෝද්‍යානයේ දී.

කාලයක් පුරා ආතරයිටිස් සහ ඩිමෙන්ෂියා රෝග ලක්ෂණවලින් පෙළුණු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල වීමෙන් පසු වේදනා රහිතව මරා දැමීමට තීරණය වුණා.

ඔහුගේ අවසන් දිනය රස කැවිලිවලින් හා සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලයේ ආදරයෙන් සැමරුණු අතර, ඔහුගේ චිම්පන්සි කණ්ඩායමටද ඔහුගේ වියෝව තේරුම් ගැනීමට අවස්ථාව ලබා දී තිබුණා.

1971 දී Coolangatta හි දී උපත ලද Cassius, 1986දී ද රෝග බියක් හේතුවෙන් වේදනා රහිතව මරා දැමීමට නියමිතව සිටියා.

සාමාන්‍ය චිම්පන්සියකුගේ ආයුෂ 30-40ත් අතර වුවත්, Rockhampton සත්වෝද්‍යානයට ගෙන ඒමෙන් පසුව වැඩි කලක් ජීවත් වීමේ වාසනාවක් ලැබුණා.

ප්‍රජාවේ හදවත් දිනා ගත්ආදරණීය සත්ත්වයකු වූ Cassius ගේ සිහිවටන උත්සවයක් ඉදිරි සතිවලදී පැවැත්වීමට නියමිතයි.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »