
වික්ටෝරියා හි Mornington අර්ධද්වීපයේ Cape Schanck හි මිනිස් මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
මෙම මළසිරුර රළ පහරකට හසුව ජලයේ ගිලීමෙන් මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් බවයි අනාවරණය වී තිබෙන්නේ.
වික්ටෝරියා පොලිස් ගුවන් අංශය උදෑසන 9.45 ට Boneo Road වෙරළ තීරයේ සිදුකළ සෝදිසි කිරීම දී
මෙම සිරුර හමුවී තිබෙනවා.

මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් හඳුනාගෙන නැහැ.
වික්ටෝරියානු වෙරළ තීරය සාමාන්‍යයෙන් අනතුරුදායක වන අතර පසුගිය දශකය තුළ ඛේදජනක මරණ කිහිපයක් සිදුවී තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ද , Cape Schanck හි රළ පහරකට හසුව ගසාගෙන ගිය තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අතර සිටි 53 හැවිරිදි චීන ජාතික කාන්තාවක් ද ඛේදජනක ලෙස මිය ගියා.