Search

මෙල්බන් ඇන්සාක් උත්සවයට උද්ඝෝෂකයින්ගෙන් බාධා

සන්නද්ධ හමුදාවල සේවයකළ සියලු දෙනාගේ නිර්භීතකම සහ කැපකිරීම සිහිපත් කරමින් රට පුරා අද ඇන්සාක් දින සැමරුම් උත්සව පැවැත්වුණා.

ඒ වෙනුවෙන් ප්‍රාන්ත අගනගර සහ ඔස්ට්‍රේලියානු යුද ස්මාරකයන් හි පවත්වන ලද උදෑසන දේව මෙහෙයන්ගෙන් මෙම ගාම්භීර දිනය ආරම්භ කෙරුණා.

ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත සොල්දාදුවන් තුර්කියේ ගැලිපොල වෙරළට ගොඩබැස අදට වසර 110 ක් සැපිරෙනවා.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් කැන්බරා හි උදෑසන දේව මෙහෙය අමතමින් කියාසිටියේ 1915 අප්‍රේල් මස 25 වන දින මේ මොහොතේ ඇන්සාක් ඉතිහාසයේ අමරණීය නාමයක් බවට පත්වූ බවයි.

මේ අතර මෙල්බන් හි පැවති ඇන්සාක් සැමරුම් උත්සවයට විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වුණා.

කෙසේවෙතත් සේවයේ නියුතු ආරක්ෂක හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ප්‍රවීනයන් ඇන්සාක් දින පෙළපාලිවලට අද උදෑසන එක්ව සිටියා.

ඇන්සාක් සැමරීමට මිලියන සංඛ්‍යාත ජනකායක් සහභාගි වන අතර මුළු රටම දිගු සති අන්ත නිවාඩුව සාමකාමීව ගතකරනු ලබයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »