Search

වික්ටෝරියාවෙන් වැඩිම බදු එකතුවක්

2024 මූල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියානු රජය විසින් වාර්තාගත බදු මුදලක් එක්රැස් කර තිබෙනවා.

ඩොලර් බිලියන 802 ක් වන එය පෙර වසරට සාපේක්ෂව ඩොලර් බිලියන 46.2 ක ඉහළයාමක් බවයි ඔස්ට්‍රේලියා බදුකරණ කාර්යාලය (Australian Taxation Office) පවසන්නේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යංශය කියාසිටියේ ෆෙඩරල් රජය පුද්ගලයෙකුගෙන් ඩෙලර් 24,097 ක මුදලක් බදු වශයෙන් ලබාගන්නා බවයි.

ඊට රාජ්‍ය සහ දේශීය බදු එකතු කරන විට එක් පුද්ගලයෙකුගේ මුළු බදු මුදල ඩොලර් 29,751 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආදායම් වර්ධනය, ශක්තිමත් රැකියා වර්ධනය සහ අඩු විරැකියාව, භාණ්ඩ මිල සහ ශක්තිමත් දේපළ වෙළඳපොළ මගින් බදු මෙහෙයවනු ලබන බවයි දත්තවල දැක්වෙන්නේ.

ආයෝජකයින් මත දේපළ බදු සහ සේවා යෝජකයින් සඳහා වැටුප් බදු වැඩි කිරීමෙන් පසු වැඩිම බදු මුදලක් ගෙවනු ලබන්නේ වික්ටෝරියානුවන් වන අතර එය ඩොලර් 6,348 ක්.

මේ අතර කම්කරු සහ සන්ධානය යන දෙපාර්ශවයම මැතිවරණය වෙනුවෙන් බදු කප්පාදු සිදුකරන බවට ජනතාවට විවිධ පොරොන්දු ලබාදෙමින් සිටිනවා.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »