
E- බයිසිකලයක චාජරයක් නිසා ඇතිවූ ගින්නකින් ඇඩිලේඩ් නිවසක් දැඩි ලෙස ගිනිගෙන තිබෙනවා.
අද උදෑසන 9 ට පමණ ගින්න හටගත් වේලාවේ කාන්තාවක සහ ඇගේ සුරතල් බල්ලා පමණක් නිවසේ සිට ඇති අතර ඔවුන්ට බේරීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නෙන් ඩොලර් 350,000 ක් පමණ වටිනා දේපළ විනාශ වී ඇති බව ඇස්තමේන්තු කර තිබෙනවා.

E- බයිසිකලයක චාජරයෙන් ගින්න හටගත් බවට ඇය සැකපළ කරනවා.
මෙට්ට්‍රොපොලිටන් ගිනි නිවීමේ අංශය පවසන්නේ ගින්න නිවස මධ්‍යයෙන් එකවර පිපිරීයාමක් සිදුවූ බවයි.

smoke alarms හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවීමේ අංශ දැනුවත් කිරීමට ප්‍රදේශවාසීන්ට හැකිවී තිබෙනවා.