
වයඹදිග සිඩ්නි අවන්හලක කාන්තාවකගේ සලාදයක මීයෙකු හමුවූ බවට පාරිභෝගිකයෙකු පැමිණිලිකර තිබෙනවා.
පසුගිය අඟහරුවාදා සිදුවූ මෙම සොයාගැනීමෙන් පසු Tatsuya West Ryde අවන්හල දින 2 ක් පමණ වසා දමා තිබුණා.
කෙසේවෙතත් අවන්හල අද දහවල් යළි විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇය පවසන්නේ තමන් සත්වයා දකින විටත් ආහාරයෙන් භාගයක්ම කා අවසන් බවයි.
කණගාටුවට කරුණ නම් අවන්හල් සේවකයින් එය නොදැන අඛන්ඩව ආහාර සැපයුම් බෙදාහැරි බවද ඇය පෙන්වාදෙනවා.

මෙය සිදුව ඇත්තේ බෙදාහරින ලද සලාද පෙට්ටියක වන අතර සැපයුම්කරුවන් සහ ප්‍රාදේශීය ආහාර බලධාරීන් සමග විමර්ශන සිදුකරමින් පවතින බවයි අවන්හල පාලකයින් පවසන්නේ.
මෙවැනි සිදුවීම් ඉදිරියේදීත් සිදුනොවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර එය සිය වෙළඳසැලේ සිදුවූ බරපතල අතපසුවීමක් බවයි සිඩ්නි අවන්හල් හිමිකරු කියාසිටියේ.