
ගතවූ වසර 02 ක කාලය තුළදී ඔස්ටේ්‍රලියානුවන් ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් සැළකිය යුතු ලෙස ඉවත් වී ඇතැයි නවතම සමීක්ෂණයක් හෙළි කරයි.
එලෙස ඔවුන් විසින් භාවිතයෙන් ඉවත් කර ඇති ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය මිලියන 02 කට අධිකය.
බොහෝ දෙනා ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ නොදැනුවත්වම වියදම් අධික වීම හමුවේ ණයකරුවන් බවට පත්වීමයි.

මේ තත්වය සැළකිල්ලට ගෙන බැංකු රැසක් විසින් පාරිභෝගිකයන්ට ක්‍රෙඩිට් කාඩ් ලබාදීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී.
Rewards Points වැඩසටහන් / විවිධ වෙළඳසැල්වලින් භාණ්ඩ මිළදී ගැනීමේදී ආකර්ශනීය වට්ටම් ලබාදීම ඒ අතර වෙයි.
