Search

නිවාස සිහිනය බොඳකළ $ ලක්ෂ ගණනක මෙල්බන් වංචාවක්

වික්ටෝරියාවේ පරිඝනක අපරාධකරුවන් නිසා නිවාස සිහිනය බොඳ වූ යුවළක් පිළිබඳ මාධ්‍ය වාර්තා කරනවා..

ක්වින්ස්ලන්ඩ් හි තරුණ යුවළක් සිය නිවාස තැන්පතු මුදලින් ඩොලර් 170,000 ක් පුද්ගලයෙකු විසින් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

සාරා සහ ඇගේ සැමියා වන ලයින්, ගෝල්ඩ්කෝස්ට් හි පිටිසර ප්‍රදේශයකින් වර්ග මීටර් 5000 ක දේපළක් ඩොලර් මිලියන 1.3 කට මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවෙන් ඩොලර් 65,000 ක තැන්පතුවක් වෙළඳ නියෝජිතයා වෙත ගෙවා ඇති අතර තවත් ඩොලර් 252,000 ක් ගෙවිය යුතු බවට උපදෙස් ඇතුලත් ඊ-මේල් පණිවිඩයක් ඔවුන්ට ලැබී තිබුණා.

ඊ-මේල් පණිවිඩය විවෘත කළ අතර ඇය පවසන්නේ මෙතෙක් ලේඛන හුවමාරුකළ ආකාරයට සමාන ඊ-මේල් ගිණුමක් බව පෙනෙන්නට තිබූ බැවින් ගෙවීම් කරන ආකාරය පිළිබඳ උපදෙස් ද එහිදී ලබාගත් බවයි.

එම වංචාකරුවන් නීති සමාගමකට අදාල ඊ-මේල් එකක් බව හඟවා සිය මුදල් වංචාකළ බවයි සාරා ක්වින්ස්ලන්ඩ් පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

පසුව අනාවරණය වී ඇත්තේ එම මුදල් මෙල්බන් හි NAB ගිණුමකට මෙන්ම තවත් ගිණුම් කිහිපයක තැන්පත්කර ඇති බවයි.

වංචාකළ මුදලින් ඩොලර් 82,000 ක් අය කර ගැනීමට බැංකු වලට හැකි වූ අතර, තරුණ පවුලට ඩොලර් 170,000 ක් අහිමි වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා පොලීසිය පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.