
සෑම වසරකම අප්‍රේල් 25 වැනිදා ඔස්ට්‍රේලියානුවන් Anzac දිනය සමරනවා.
1915 දී පළමු ලෝක යුද්ධයේදී Gallipoli හිදී සටන් කළ ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා බලකායට (ANZAC) ගෞරව දැක්වීම සඳහා එය මුලින්ම නම් කරනු ලැබුවා.
වර්තමානයේ, මෙම අනුස්මරණය යුද්ධයේදී සහ ආරක්ෂක මෙහෙයුම් සේවයේ යෙදී මිය ගිය සියලුම ඔස්ට්‍රේලියානුවන් සඳහා වෙන් කර තිබීම විශේෂත්වයක්.
ඒ අනුව වික්ටෝරියාවේ මෙල්බන් අගනගරයේ ඇන්සාක් දිනය වෙනුවෙන් උදෑසන 5.30 ට විරුවන් සිහිකිරීමේ ස්ථානයේදී ආරම්භ වනු ඇති.
උදෑසන 7 ට මහජනතාවට පොපි මල් තැබීම සඳහා සිහිකිරීමේ සිද්ධස්ථානයට යා හැකි වනවා.
පසුව ඇන්සාක් දින පා ගමනක් Swanston වීදියේ St Kilda පාරේ සිට සිහිකිරීමේ සිද්ධස්ථානය වෙත ගමන් කරනු ඇති.
පසුව ඇන්සාක් දින පා ගමනක් Swanston වීදියේ St Kilda පාරේ සිට සිහිකිරීමේ සිද්ධස්ථානය වෙත ගමන් කරනු ඇති.
මේ අතර ඇන්සාක් දින සති අන්තයේ ඕස්ට්‍රේලියාව පුරා රථවාහන මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
පාස්කු සති අන්තයේ ඇන්සාක් දිනය උදාවීමත් සමඟ සිදුවන අධික රථවාහන අනතුරු සම්බන්ධයෙන් මාර්ගවල සුපරීක්ෂාකාරීව සිටින ලෙසයි පොලීසිය රියදුරන්ට අනතුරු අඟවන්නේ.