
Green bin වල එකතු වන කුණුවලට වටිනාකමක් ලබාදුන් නගර සභාවක් පිළිබඳ වික්ටෝරියාවෙන් වාර්තා වනවා.
වික්ටෝරියා ප්‍රාන්තය පුරා සෑම වසරකම කාබනික ද්‍රව්‍ය ටොන් 750,000 ක් පමණ එකතුකරනු ලබනවා.
සෑම වසරකම හරිත අපද්‍රව්‍ය ටොන් 30,000 ක් එකතු කරන අතර ඒවා කොම්පෝස්ට් ටොන් 18,000 ක් බවට පරිවර්ථනය කිරීමට ජීලොන්ග් මහ නගර සභාවට හැකි වී තිබෙනවා.

වික්ටෝරියා නගර සභාවලින් මෙවැනි කොම්පෝස්ට් සැපයුමක් සිදුකරන පළමු සභාව ජීලෝන් බවට පත්ව තිබීම විශේෂත්වයක්. .
ජීලෝන්ග් කවුන්සිලයේ අපද්‍රව්‍ය මෙහෙයුම් සම්බන්ධීකාරක ඇන්ඩෘෘ ලූකස් කියාසිටියේ මිනිසුන් බොහෝවිට දැව, පස් හෝ ගොඩනැගිලි ද්‍රව්‍ය Green bin වලට රැස්කරන බවයි.

එහෙත් ඔවුන් පෙන්වාදෙන්නේ green binවලට කුඩා අතු, ශාක, කොළ සහ තණකොළ කැබලි පමණක් එක්රැස්කරන ලෙසයි.
ගුණාත්මක නිෂ්පාදන ලබාගැනීමට පිරිසිදු ද්‍රව්‍ය තැබීමට මිනිසුන් දිරිමත් කළ යුතු බව ඔහු කියාසිටියා.