පසුගිය ජනවාරි මාසයේදී දකුණු ඔස්ටේ්රලියාවේ ඇතිවූ ලැව් ගින්න ඇති කල බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Cherry Gardens ප්රදේශයේ මෙම ගින්න පැතිර යාම ආරම්භ වූ බවටයි විශ්වාස කෙරෙන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඩිලේඩ් හි Hallett Cove ප්රදේශයේ පදිංචි 61 හැවිරිදි තැනැත්තෙකුයි.
ඔහුට පළමුවෙන් ඇප ලැබීම ප්රතික්ෂේප වී ඇති අතර අද දිනයේදී නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජනවාරි මාසයේදී පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් දකුණු ඔස්ටේ්රලියාවේ හෙක්ටයාර 2500 ක් පමණ විනාශ වුණා.