
ශිෂ්‍ය ණය කපා හැරීමේ කම්කරු පක්ෂයේ යෝජනාව විපක්ෂය ප්‍රතික්ෂේප කරනවා.
විපක්ෂ සන්ධානය පවසන්නේ HECS -HELP ණය බිලියන 16ක් කපා දැමීමේ කම්කරු පක්ෂයේ යෝජනාව ඔවුන් බලයට පත් වුවහොත් අවලංගු කරන බවයි.
කම්කරු පක්ෂය මෙම යෝජනාවෙන් සිසුන් මිලියන 3කට වඩා වැඩි පිරිසකගේ ණය ප්‍රමාණයෙන් 20%ක් අඩු කිරීමට සැලසුම් කර තිබුණා.

ඒ අනුව ඩොලර් 27,600 ණය මුදලෙන් ඩොලර් 5,520 ක් පමණ අඩු වනු ඇති.
උසස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිත කාලය පුරාම පවතින ණය බරක් ඕස්ට්‍රේලියානුවන්ට, ඉතිරි නොකළ යුතු බව අගමැති ඇන්තනි ඇල්බනීස් ගේ මැතිවරණ ප්‍රචාරක පාඨයක් වනවා.

නමුත් සන්ධානයේ මතය වන්නේ බදු ගෙවන්නන්ගෙන් ලබා ගන්නා මුදල්වලින් විශ්ව විද්‍යාල සිසුන්ට පමණක් ප්‍රතිලාභ සැලසීම අසාධාරණ බවයි.
ඔවුන් පවසන්නේ වෘත්තීය උපකරණ සඳහා ණය ගත් තරුණ වෘත්තිකයන්ට හෝ තම ණය කලින් ගෙවා අවසන් කළ සිසුන්ට සහන සැලසීම වඩා සාධාරණ බවයි.