
වායු බැලුනයක් මෙල්බන් හි ගිනිකොන දෙසින් කඩාවැටෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පවතිනවා.
ඒ වනවිට එහි මගීන් දස දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.
බැලුනය ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ආසන්නයේ කඩා වැටෙන ආකාරයද එම වීඩියෝවේ දැක්වෙනවා.

මගීන්ට කිසිදු බලපෑමක් නොමැති බවයි පොලීසිය පවසන්නේ.
වායු බැලුනය මෙහෙයවන්නා වසර 30 ක අත්දැකීමක් ඇති අයෙකු වන අතර මෙවැනි සිද්ධියක් කවදාවත් සිදුනොවූ බවයි ඔහු පවසා ඇත්තේ.

වික්ටෝරියා ආරක්ෂක මෙහෙයුම් අංශ එම ස්ථානයට රැස්ව විමර්ෂණ කටයුතු සිදුකළ බවද වාර්තා වනවා.