Search

හැමිල්ටන්හි London plane ගස් ඉවත් කිරීම ගැන විවාදයක්

වික්ටෝරියාවේ හැමිල්ටන් නගරයේ London plane ගස් 100ක් ඉවත් කිරීම ගැන උණුසුම් විවාදයක් ඇතිව තිබෙනවා.

ගස්වල මුල් හේතුවෙන් පදික වේදිකා, ගොඩනැගිලි සහ ජලනල හානි වන අතර, පසුගිය වසර දෙකේදී 48කට ආසන්න මගීන් පිරිසක් ලිස්සා වැටීම් වාර්තා වුණා.

මෙහිදී ඇතැම් පිරිසක් ගස් ඉවත් කිරීමට සහාය දෙන අතර, තවත් පිරිසක් ගස් ආරක්ෂා කිරීමට අත්සන් 450ක පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

South Grampians Shire කවුන්සිලය වාර්ෂිකව ඩොලර් 270,000ක් ගස් නඩත්තුවට වැය කරන අතර, පසුගිය වසර පහේදී ඩොලර් මිලියන 1.35ක් වැය වී ඇති බව සදහන්.

ගස් වර්ධනය වන විට මෙම වියදම 25%කින් ඉහළ යා හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

2025 පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කළ ආරම්භක සැලැස්මකට අනුව, ගස් ඉවත් කර ඒ වෙනුවට ආක්‍රමණශීලී නොවන ගස් රෝපණය කිරීම යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

අප්‍රේල් මාසයේ පැවති කවුන්සිල් රැස්වීමකදී මෙම යෝජනාව ප්‍රතික්ෂේප වූ අතර, නගරාධිපති Dennis Hessling ගස් ඉවත් නොකර විකල්ප විසඳුමක් සෙවීමට තීරණය කළා.

සිඩ්නි හි මෙම ගස් ක්‍රමයෙන් ඉවත් කෙරෙමින් පවතින අතර, බෙන්ඩිගෝ හි ඒවා නාගරික පරිසරයේ රෝපණය තහනම් කර තිබෙනවා.

මෙල්බර්න් නගරයේද මෙම ගස් 20%කට අඩු කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.