
QR කේත (QR Codes) නියමයන් උල්ලංඝනය කරන වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර ආයතනවලට එරෙහිව දඩ පැණවීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
ඒ අනුව QR කේත භාවිත නොකරන ආයතනවලින් ඩොලර් 1652 ක දඩයක් අය කිරීමට නියමිතයි.
දිගින් දිගටම එම නීති කඩ කරන ආයතනවලින් ඩොලර් 9913 ක දඩයක් අය කෙරෙනු ඇති.

වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර ස්ථානවලින් QR කේත නියමයන් කඩ කරන ප්‍රමාණය සියයට 37 ක් බව හඳුනාගෙන තිබේ.
ඔවුන්ට වාචිකව අවවාද කිරීම් 300 ක්ද නිවේදන ලෙස 165 ක් ද නිකුත් කර ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කලේ.

කොවිඩ් තත්වය හමුවේ QR කේත සම්බන්ධයෙන් ඉතා දැඩිව නීති අනුගමනය කිරීමටයි වික්ටෝරියා රජය තීරණය කර ඇත්තේ.