Search

තුර්කිය සෙලවෙයි !

තුර්කියේ ඉස්තාන්බුල් නගරයට රික්ටර් මාපකයේ 6.2 ක කම්පනයක් ඇතුළු භූ කම්පන මාලාවක් ඇති වී තිබෙනවා.

මෙම භූ කම්පන අනතුරින් 151 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ කම්පන ඇති වු අවස්ථාවේ ඇතැම් ජනතාව තට්ටු නිවාස සහ උස් ස්ථානවලින් පැනීමෙන් මෙලෙස තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේ වෙතත් කිසිදු මරණයක් මේ වන තෙක් වාර්තා වී නොමැති අතර සිදු වී ඇති දේපොළ හානිය මෙතෙක් ගණනය කර නොමැති බව වාර්තා වනවා.

මෙම භූ කම්පනය කිලෝමීටර 6.92 (සැතපුම් 4.3) ගැඹුරින් සිදු වූ බව තුර්කියේ හදිසි සේවා අංශ පැවසුවා.

අනතුර හේතුවෙන් විශාල පිරිසක් වීදිවල රැඳී සිටි අතර, තවත් බොහෝ පිරිසක් එළිමහනේ රාත්‍රිය ගත කිරීමට සූදානම් වී සිටින බව සඳහන්.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »