
යුරෝපා සංගමය ඇපල් සමාගමට සහ මෙටා සමාගමට දඩයක් පනවා තිබෙනවා.
ඒ මෙම සමාගම් දෙකම පරිශීලකයින්ගේ නිදහස් සංනිවේදන අවස්ථාවලට බාධා කිරීම නිසා මෙම දඩය නියම කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ඇපල් සමාගම තම නිශ්පාදන පරිශිලකයන්ට තමන්ගේ App Store වලින් පිටත වෙනත් App පාචිව්වි කිරීම වැලැක්වීම නිසා යුරෝපීය කොමිසම ඇපල් සමාගමට යුරෝ මිලියන 500 ක (ඩොලර් මිලියන 890 ක්) දඩයක් නියම කළා.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සිය පරිශීලකයින්ට දැන්වීම් දැකීම හෝ ඒවා වළක්වා ගැනීම සඳහා ගෙවීමක් කළ යුතුය යන දෙකෙන් එකක් තෝරා ගැනීමට බල කිරීම නිසා, යුරෝපා කොමිසම මෙටා සමාගමට යුරෝ මිලියන 200 ක් (ඩොලර් මිලියන 356 ක්) දඩ නියම කළා.
මෙම දඬය පනවා ඇත්තේ යුරෝපා කොමිසම මෑතක හඳුන්වා දුන් ඩිජිටල් වෙළඳපොළ පනත හෙවත් DMA පනත යටතේයි.

කෙසේ නමුත් යුරෝපා කොමිසම ගනුලැබූ මෙම තීරණය අසාධාරණ බව ඇපල් සමාගම පවසනවා.
මෙටා සමාගම පවසන්නේ ඇමරිකානු ව්‍යාපාර අඩපණ කිරීමට යුරෝපා කොමිසම උත්සාහ කරන බවයි.