
මෙල්බන් නුවර වෙලදසැල් වලින් Luxury භාණ්ඩ සොරකම් කල පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් ඩොලර් මිලියනයකට අධික සුඛෝපභෝගී භාණ්ඩ සොරකම් කර ඇති බවයි වාර්තා වුනේ.
මෙම පුද්ගලයින් කඩ සාප්පු 6 කින් භාන්ඩ සොරකම් කර ඇතැයි හෙලි වී තිබෙනවා.

බෑග්, ස්වර්ණාභරණ, සොරකම් කරන ලද මෝටර් රථ සහ මත්ද්‍රව්‍ය කිහිපයක් රහස් පරීක්ෂකයින් විසින් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කලේ.
සැකකරුවන් වයස අවුරුදු 21 ත් 31 ත් අතර පසු වනවා.

සැකකරුවන් මේ වන විට බන්දනාගාර ගත කර ඇති අතර ඔවුන් මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.