
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට අවම වශයෙන් දෙලක්ෂ පනස් දහසක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
පසුගිය දින දෙක තුළ දස දහස් ගණනක ජනතාවක් පාප් වහන්සේට ගෞරව දැක්වීම සඳහා වතිකානු නගරයට පැමිණ ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මේ අතර විදෙස් රාජ්‍යයන්හි නායකයින් රැසක් ද පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රීමත් කීර් ස්ටාර්මර්, ඩොනල්ඩ් ට්‍රම්ප්, වේල්ස් කුමරු සහ ලොව විශාලතම කතෝලික ජනගහනයක් වෙසෙන බ්‍රසීලයේ ජනාධිපති ලුයිස් ඉනොසියෝ ලූලා ද දිල්වා ඇතුළු ලෝක නායකයින් සහ රාජකීයන් රැසක් සහභාගි වන බවයි තහවුරු වී ඇත්තේ.
මේ හේතුවෙන් එම අවස්ථාවේ ආරක්ෂාව දැඩි කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

සාන්ත පීතර බැසිලිකාවේ තැන්පත්කර ඇති උන්වහන්සේගේ දේහය සෙනසුරාදා පැවැත්වෙන අවමංගල්‍යය පූජෝත්සවය තෙක් මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙනවා.