Search

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

මෙම කාන්තාව සහ ඇයගේ සැමියා සිය මෝටර් රථය අද රෝහල ඉදිරිපිට නවතා තිබීමෙන් පසු පුද්ගලයෙකු එම මෝටර් රථය සොරා ගැනීමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මෙම 66 හැවිරිදි කාන්තාව අපරාධකරුව නැවැත්වීමට උත්සහ කළ නමුත් ඇයව ධාවනය වූ වාහනයේ ගැටී තිබෙනවා.

අසාධ්‍ය තත්වයෙන් පසුවූ ඇය වහා ම මෙල්බන් රෝහලට ඇතුලත් කර ඇති බවයි මාධ්‍ය වාර්තා කියාසිටියේ.

DEX 581 දරණ 2012 දුඹුරු පැහැති ‍Ford Territory රථය සහ සැකකරු තවමත් සොයාගැනීමට පොලීසියට හැකිවී නැහැ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලීසිය මහජන සහය ඉල්ලා සිටිනවා.