Search

මෙල්බන් ජනප්‍රිය Restaurant එකක අප්‍රසන්න සිදුවීමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හි ජනප්‍රිය Restaurant එකක සිදුවූ අප්‍රසන්න සිදුවීමක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබෙනවා.

ඒ ක්ෂණික ආහාර අලෙවි කරන Guzman y Gomez නම් Restaurant එකෙහි සේවකයෙකු සපත්තු පැළඳ ග්‍රිල් එකක් මත සිටගෙන සිටුනු දැකීමෙන්.

ඇය එම දර්ශන මේ සතියේ ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ ද බෙදාහැර තිබෙනවා.

සේවකයාගේ සපත්තු සහ ග්‍රිල් මතුපිට කිසිදු ආවරණයක් හෝ නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේවෙතත් මෙම හුවමාරු වී ඇති වීඩියෝව අපගේ කාර්ය මණ්ඩලය පුහුණු කර ඇති ක්‍රියාපටිපාටියට හෝ ප්‍රමිතීන්ට අනුකූල නොවන ක්‍රියාවක් බව Guzman y Gomez ආයතනය  පවසනවා.

GyG ආයතනය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකෙරෙමින් පවතිනවා.